Showing posts with label රසික සූරියආරච්චි. Show all posts
Showing posts with label රසික සූරියආරච්චි. Show all posts

Sunday, 20 August 2017

අතීතයට යාම - Time travel

I once thought that going back in time is not practically possible. But now I know that I can, at least when it comes to publishing a post a day in this blog. This post for Sunday 20 August 2017 was written and published on Monday 21 August. The good news here is that we may be able to do other things that we today think practically impossible, tomorrow.
-Rasika Suriyaarachchi
කාලය ඔස්සේ අතීතයට යාම ප්‍රායොගිකව කළ නොහැකි දෙයක් යැයි මම කලකට පෙර සිතා සිටියෙමි. නමුත්, මේ බ්ලොගයේ දිනකට එකක් බැගින් බ්ලොග් ලිපි පළ කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා හෝ මට අතීතයට යා හැකි බව මම දැන් දනිමි. ඊයේ දිනය (අගෝස්තු 20, 2017 සඳහා වූ මේ සටහන ලියා පළ කරන්නේ අගෝස්තු 21 වෙනි දිනයි. මේ කාරණයේ ඇති වැදගත්කම නම්, ප්‍රායෝගිකව කළ නොහැකි යැයි අප අද සිතන සමහර දේ අපට හෙට කිරීමට හැකි වීමට ඉඩ තිබීමයි.
-රසික සූරියආරච්චි
(image: )

Tuesday, 8 August 2017

ඔවුන් සහ ඔබ - You and them

කිසිවෙකු ඔබට අකටයුත්තක් කළ විට ඔවුන් ගැන කෝප නොවී, ඔවුන්ට සැකයේ වාසිය ලබා දී, ඔබ ඔවුන් යැයි සිතා එවැනි දෙයක් සිදුවීමට තුඩු දිය හැකි හේතු සොයා බලන්න. මෙය ලෙහෙසි කටයුත්තක් නොව ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ කළ යුතු හැකියාවක් බව මගේ අත්දැකීමයි.
-රසික සූරියආරච්චි
When someone does a bad thing to you, don't get angry with them. Give them the benefit of the doubt, put yourself in their shoes and think about possible reasons for their behaviour. It is my experience that this is not an easy task but a skill that needs to be developed gradually.
-Rasika Suriyaarachchi
(image: https://www.redbubble.com/people/cloudie5/works/6296805-put-yourself-in-their-shoes)

Sunday, 6 August 2017

හිස්බව? - Emptiness

කිසිදු භාජනයක් හිස් නැත. ඒවා අඩු වශයෙන් වාතයෙන් පිරී පවතී.
-රසික සූරියආරච්චි
No container is empty, they are at least filled with air.
-Rasika Suriyaarachchi
(image: https://www.123rf.com/photo_21284806_empty-and-full-of-plastic-containers-isolated-on-white.html)

Wednesday, 26 July 2017

මුදල් සහ සතුට - Money and happiness

While it is true that money cannot buy you happiness, having money and being in misery is much better than having no money and being in misery.
-Rasika Suriyaarachchi
මුදල් දී සතුට ලබා ගැනීමට ඔබට නොහැකි බව සත්‍යයක් නමුත් මුදල් ඇතිව දුකෙන් සිටීම, මුදල් නොමැතිව දුකෙන් සිටිනවාට වඩා බෙහෙවින් ම හොඳ ය!
-රසික සූරියආරච්චි
(image: https://apessay.com/order/?rid=cc49f4f3231bb03f)

Saturday, 22 July 2017

තමන් සහ අනුන් - Us versus them

තමන්ගේ මට්ටමෙන් අනුන් ගැන සිතන්නට යාම නිසා අපේ අයියලා නිතරම වරද්දා ගනිති. මෙය තුන් ආකාරයකට සිදු වේ.
1. අන් අය ද තමන් මෙන් ම අවංකව වැඩ කරාවි යැයි විශ්වාස කිරීම;
2. අන් අය ද තමන් මෙන් ම පහත් ආකාරයකට වැඩ කරාවි යැයි විශ්වාස කිරීම;
3. අන් අය තමන් මෙන් අවංක නැති නිසා ඔවුන් පහත් ආකාරයකට වැඩ කරාවි යැයි විශ්වාස කිරීම.
අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි.
-රසික සූරියආරච්චි
Some of us frequently get things messed up by comparing others to us. This happens in three ways.
1. When we assume that others will act genuinely as we ourselves do;
2. When we assume that others will act badly as we ourselves do;
3. When we assume that unlike us, others are not genuine and will act badly.
Certified correct.
-Rasika Suriyaarachchi
(image: https://www.reddit.com/r/conspiracy/comments/3exevu/us_vs_them/)