Monday 31 July 2017

සවිඤ්ඤාණකව හුස්ම ගැනීම - Conscious breathing

Feelings come and go like clouds in a windy sky. Conscious breathing is my anchor.
-Thich Nhat Hanh
සුළං සහිත අහසක වලාකුළු මෙන් හැඟීම් ඇතිවේ, නැතිවේ. මට ආරක්‍ෂාව සලසන්නේ සවිඤ්ඤාණකව හුස්ම ගැනීමයි.
-තිච් න්හැට් හැන්හ්
(image: https://www.mindfullifeprogram.org/google-seeks-out-wisdom-of-zen-master-thich-nhat-hanh/)

Sunday 30 July 2017

සිතීම සහ කිරීම - Action

You can't cross the sea merely by standing and staring at the water.
-Rabindranath Tgore
වතුර අසල හිට ගෙන එදෙස බලා සිටීමෙන් ඔබට මුහුද තරණය කළ නොහැක.
-රබින්ද්‍රනාත් තාගෝර්
(image: https://www.rt.com/uk/366798-man-swim-atlantic-record/)

Saturday 29 July 2017

වයස සහ විනෝදවීම - Age and Enjoying

Dont stop enjoying when you get old. You get old when you stop enjoying!
-Anonymous
ඔබ වයසට ගියා යැයි කියා විනෝදවීම නවත්වන්න එපා. ඔබ විනෝදවීම නැවැත්වූ විට ඔබ වයසට යනු ඇත!
-අඥාතයි
(image: https://www.youtube.com/watch?v=5miw5kSLQM0)

Friday 28 July 2017

සම්බන්ධ - Connected

Everything is connected, no one thing can change by itself.
-Paul Hawken
සැම දෙයක් ම එකිනෙක හා සම්බන්ධ වේ. එක් දෙයකට පමණක් තනිව වෙනස් විය නොහැක.
-පෝල් හෝකන්
(image: https://au.pinterest.com/pin/125749014571017155/)

Thursday 27 July 2017

අහිමි, හිමි - Loss and gain

I see possibilities in everything. For everything that's taken away, something of greater value has been given.
-Michael J Fox
මම සෑම දෙයකින් ම කළ හැකි දෙයක් දකිමි. අපට අහිමි වූ සැම දෙයක් සඳහා ම. ඊට වඩා වටිනාකමක් ඇති යම් දෙයක් දෙයක් ආපසු ලැබී ඇත.
-මයිකල් ජේ ෆොක්ස්
(image: http://www.azquotes.com/quote/100657)

Wednesday 26 July 2017

මුදල් සහ සතුට - Money and happiness

While it is true that money cannot buy you happiness, having money and being in misery is much better than having no money and being in misery.
-Rasika Suriyaarachchi
මුදල් දී සතුට ලබා ගැනීමට ඔබට නොහැකි බව සත්‍යයක් නමුත් මුදල් ඇතිව දුකෙන් සිටීම, මුදල් නොමැතිව දුකෙන් සිටිනවාට වඩා බෙහෙවින් ම හොඳ ය!
-රසික සූරියආරච්චි
(image: https://apessay.com/order/?rid=cc49f4f3231bb03f)

Tuesday 25 July 2017

සතුට සහ සිනහව - Joy and smile

Sometimes your joy is the source of your smile, but sometimes your smile can be the source of your joy.
-Thich Nhat Hanh
සමහර විටෙක ඔබේ සිනහවේ උපත ඔබේ සතුටයි, නමුත්, සමහර විටෙක ඔබේ සතුටේ උපත ඔබේ සිනහව විය හැකි ය.
-තිච් න්හැට් හැන්හ්
(image: http://121clicks.com/articlesreviews/joy-of-smiling-photography-contest-the-winner-and-honorable-mentions)

Monday 24 July 2017

උත්සාහය - Keep on trying

Most of the important things of the world have been accomplished by people who have kept on trying when there seemed to be no hope at all.
-Dale Carnegie
ලෝකයේ බොහෝ වැදගත් දේ ලබා ගෙන ඇත්තේ කිසිදු බලාපොරොත්තුවක් නැති යැයි පෙනී යන අවස්ථාවලදීත් දිගින් දිගට ම උත්සාහ කළ මිනිසුන් විසිනි.
-ඩේල් කානගී
(image: http://www.famousauthors.org/dale-carnegie)

Sunday 23 July 2017

ඔබේ යතාර්ථය - Your reality

Other people's opinion of you does nor have to become your reality.
-Les Brown
අන් අය ඔබ ගැන දරණ අදහස ඔබේ යතාර්ථය කර ගත යුතු නැත.
-ලෙස් බ්‍රවුන්
(image: http://www.why.do/tag/others-opinion/)

Saturday 22 July 2017

තමන් සහ අනුන් - Us versus them

තමන්ගේ මට්ටමෙන් අනුන් ගැන සිතන්නට යාම නිසා අපේ අයියලා නිතරම වරද්දා ගනිති. මෙය තුන් ආකාරයකට සිදු වේ.
1. අන් අය ද තමන් මෙන් ම අවංකව වැඩ කරාවි යැයි විශ්වාස කිරීම;
2. අන් අය ද තමන් මෙන් ම පහත් ආකාරයකට වැඩ කරාවි යැයි විශ්වාස කිරීම;
3. අන් අය තමන් මෙන් අවංක නැති නිසා ඔවුන් පහත් ආකාරයකට වැඩ කරාවි යැයි විශ්වාස කිරීම.
අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි.
-රසික සූරියආරච්චි
Some of us frequently get things messed up by comparing others to us. This happens in three ways.
1. When we assume that others will act genuinely as we ourselves do;
2. When we assume that others will act badly as we ourselves do;
3. When we assume that unlike us, others are not genuine and will act badly.
Certified correct.
-Rasika Suriyaarachchi
(image: https://www.reddit.com/r/conspiracy/comments/3exevu/us_vs_them/)

Friday 21 July 2017

අකමැති සහ කැමති - Hate and like

The things we hate about ourselves aren't more real than things we like about ourselves.
-Ellen Goodman
අප අප පිළිබඳව අකමැති දේවල්, අප අප පිළිබඳව කැමති දේවලට වඩා තාත්වික නැත.
-එලන් ගුඩ්මන්
(image: https://themiccheck.wordpress.com/2012/08/31/my-lovehate-relationship-with-facebook-30in30/ )

Thursday 20 July 2017

අකර්මණ්‍යබව මාරාන්තිකයි - Inactiveness kills

Even if you are on trhe right track, you will get run over if you just sit there.
-Will Rogers
ඔබ ඉන්නේ නිවැරදි පිහිල්ලේ වුව ද, එහි ඔහේ ඉඳගෙන සිටියහොත් (දුම්රිය) ඔබ යටකර ගෙන යනු ඇත.
-විල් රොජර්ස්
(image: https://au.pinterest.com/pin/313703930266370951/)

Wednesday 19 July 2017

ඔබට කළ නොහැකි දේ? - Doing impossible

Start by doing what's necessary; then do what's possible; and suddenly you are doing the impossible.
-St. Francis and Assisi
අත්‍යාවශ්‍ය දේ කරමින් වැඩ අරඹන්න; ඉන්පසු කළ හැකි දේ කරන්න; එවිට එක් වරම ඔබ කළ නොහැකි දේ කරමින් සිටිනු ඇත.
-ඇසිසියේ ශාන්ත ෆ්‍රැන්සිස්
(image: )

Tuesday 18 July 2017

සදාකාලික යතාර්ථය - Permanent reality

No feeling is your permanent reality, no matter how intense it is.
-Anonymous
කොතරම් දැඩිව දැනුණේ වුව ද, ඔබට ඇතිවෙන කිසිදු හැඟීමක් සදාකාලික යතාර්ථය නොවේ.
-අඥාතයි
(image: https://www.theguardian.com/environment/2015/nov/09/earths-climate-entering-new-permanent-reality-as-co2-hits-new-high)

Monday 17 July 2017

ජීවිතය - Life

Life is 10% what happens to you and 90% how you react to it.
-Charles R. Swindoll
ජීවිතය යනු 10% ක් ඔබට සිදුවෙන දේ සහ 90% ක් ඔබ එයට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් සමන්විත වේ.
-චාර්ල්ස් ස්වින්ඩෝල්

Sunday 16 July 2017

ඛේදවාචකය සහ දිනුම් කණුව - Tragedy and goals

The tragedy of life doesn't lie in not reaching your goal. The tragedy lies in having no goal to reach.
-Benjamin Mays
ජීවිතයේ ඛේදවාචකය ඔබ දිනුම් කණුව කරා ළඟා නොවීම මත රඳා පවතින්නක් නොවේ. ඛේදවාචකය රඳාපවතින්නේ ළඟා වීමට දිනුම් කණුවක් නොමැති වීම මත ය.
-බෙන්ජමින් මේස්
(image: http://brandonfarr.com/ultimate-goal/)

Saturday 15 July 2017

මත සහ දෘෂ්ඨි - Opinions and perspective

Everything we hear is an opinion, not a fact. Everything we see is a perspective, not the truth.
-Marcus Aurelius
අපට ඇසෙන හැම දෙයක් ම පවසන අයගේ මත පමණි, පරම සත්‍යය නොවේ. අපට පෙනෙන සැම දෙයක්ම දෘෂ්ඨියක් පමණි, සෑබෑව නොවේ!
-මාකස් අවුරේලියස්
(image: https://au.pinterest.com/mickypratt/conflict-criticism-vs-opinion/)

Friday 14 July 2017

කළ නොහැක? - Impossible?

It always seems impossible until it's done.
-Nelson Mandela
නිමා කර අවසන් වෙන තුරු සැමවිට ම එය කළ නොහැකි සේ පෙනී යනු ඇත.
-නෙල්සන් මැන්ඩෙලා
(image: http://www.thedreamcentre.co.uk/unlocking-impossible/)

Thursday 13 July 2017

ආරම්භය සහ අවසානය - Beginning and ending

No body can go back and start a new beginning but everyone can start today and makes new ending.
-Maria Robinson
කිසිවෙකුට ආපසු ගොස් අලුතෙන් ඇරඹුමක් ගත නොහැකි නමුත් ඕනෑම අයෙකුට අද සිට අරඹා අලුත් අවසානයක් ගොඩ නගා ගත හැක.
-මාරියා රොබින්සන්
(image: http://changefear.com/day-30-the-end-is-the-beginning/)

Wednesday 12 July 2017

පරාජය බාර ගන්න එපා - Never give in

Never give in, never, never, nver, never, in nothing great or small, large or petty, never give in.
-Winston Churchill,
කිසි ම විටෙක, පරාජය බාර ගන්න එපා, කිසි ම විටෙක, ලොකු, පොඩි. වැදගත්, නොවැදගත් කිසි ම දෙයක් පිළිබඳව, කිසිම තැනක දී පරාජය බාර ගන්න එපා!
-වින්ස්ටන් චර්චිල්
(image: https://boldomatic.com/view/post/Hnq5ag)

Tuesday 11 July 2017

නැවතීමේ සංඥා? - Stop signs

Problems are not stop signs, they are guidelines.
-Robert Schuller
ගැටළු යනු නැවතීමේ සංඥා නොවේ, ඒවා නිර්දේශ වේ.
-රොබර්ට් ෂූලර්
(image: https://www.creativesafetysupply.com/virtual-stop-signs/)

Monday 10 July 2017

අවසානය ද, ආරම්භය ද? - The end or the beginning

The world is round and the place which may seems like the end may also be only the beginning.
-Ivy Baker Priest
ලෝකය රවුම් වේ. එනිසා, අවසානය යැයි සිතෙන ස්ථානය ආරම්භය පමණක් වීමට ද ඉඩ ඇත.
-අයිවි බේකර් ප්‍රීස්ට්
(image: http://apoliticalviews.org/the-end-is-beginning/)

Sunday 9 July 2017

යසස - Glory

The greater the difficulty, the more glory in surmounting it. Skillful pilots gain their reputation from storms and tempests.
-Epictetus
අසීරුකම විශාලවත් ම, එය මැඩලීමෙන් ලැබෙන යසස ද වැඩිවේ. කුසලතාපූර්ණ නියමුවන් තම කීර්තිය ලබා ගන්නේ කුණාටු සහ චණ්ඩමාරුත මගිනි.
-එපික්ටෙටස්
(image: http://www.returnofkings.com/60570/an-introduction-to-stoicism-with-the-enchiridion-by-epictetus)

Saturday 8 July 2017

ආකල්ප වෙනස් කිරීම - Changing the attitudes

If you want to change attitudes, start with a change in behaviour.
-William Glasser
ඔබට ආකල්ප වෙනස් කිරීමට අවශ්‍ය නම්, හැසිරීම වෙනස් කරමින් එය අරඹන්න.
-විලියම් ග්ලේසර්
(image: http://www.123rf.com/photo_46726143_karma-as-a-spiritual-concept-abstract-art.html)

Friday 7 July 2017

දෘෂ්ටිකෝණය - Perspective

The tragic or the humorous is a matter of perspective.
-Arnold Beisser
ඛේදවාචකය හෝ හාස්‍යජනකබව හෝ තීරණය වනුයේ දෘෂ්ටිකෝණය අනුව ය.
-ආර්නෝල්ඩ් බෙයිසර්
(image: http://www.briansolis.com/2017/05/innovation-begins-shift-perspective/)

Thursday 6 July 2017

චිත්තවේග - Emotions

Emotions are always temporary. They always pass on like clouds in the sky.
-Dalai Lama
චිත්තවේග සැමවිටම තාවකාලික වේ. ඒවා සැමවිට ම අහසේ වලාකුළු මෙන් පා වී යති.
-දලයි ලාමා
(image: http://www.delhidailynews.com/news/Angry-at-Dalai-Lamas-Arunachal-visit--China-says-relations-with-India-will-deteriorate-further-1491391233/)

Wednesday 5 July 2017

අසමත් වීම සහ නැගී සිටීම - Failing and rising

The greatest glory in living lies not in never failing but in rising every time we fail.
-Nelson Mandela
ජීවත්වීමේ මහා උත්කර්ෂය වන්නේ අසමත් නොවී සිටීම නොව අසමත් වූ සැම විටකම නැගී සිටීම ය.
-නෙල්සන් මැන්ඩෙලා
(image: http://ananthans.blogspot.com.au/2014/11/rise-even-after-you-fall.html)

Tuesday 4 July 2017

මධ්‍යය ශක්තිය - Core strength

The turning point in the process of growing up is when you discover the core strength within you that survives all hurt
-Max Lerner
වැඩීමේ ක්‍රියාවලියේ හැරවුම් ලක්‍ෂය නම් සියළු වේදනා මැද ඉතිරිවන ඔබ තුළ ඇති මධ්‍යය ශක්තිය ඔබ සොයා ගන්නා මොහොතයි.
-මැක්ස් ලර්නර්
(image: https://au.pinterest.com/pin/393642823656817874/)

Monday 3 July 2017

"ටපලවා" නොගන්න - Never confuse

Never confuse a single defeat with a final defeat.
-F Scott Fitzgerald
එක් පරාජයක්, අවසාන පරාජයක් යැයි කියා කිසිදා "ටපලවා" නොගන්න.
-එෆ් ස්කොට් ෆිට්ස්ජෙරල්ඩ්
(image: http://abcnews.go.com/Sports/olympics/photos/olympic-games-london-2012-victory-defeat-16896868/image-16979302)

Sunday 2 July 2017

ශුභවාදීවන්න! - Be optimistic!

The pessimist sees difficulty in every opportunity. The optimist sees the opportunity in every difficulty
-Winston Churchill
සර්ව-අශුභවාදියා හැම ඉඩප්‍රස්ථාවේ ම දුෂ්කරකම දකියි. සර්ව-ශුභවාදියා සැම දුෂ්කරකමකම ඇති ඉඩප්‍රස්ථාව දකියි.
-වින්ස්ටන් චර්චිල්
(image: https://au.pinterest.com/pin/372532200405352660/)

Saturday 1 July 2017

ආරම්භය - Begining

Everyone who got where they are had to begin where they were.
-Richard Evans
අද ඔවුන් ඉන්නා තැනට පැමිණ ඇති හැම අයෙකුට ම තම ගමන ඇරඹීමට සිදුවුණේ එදා ඔවුන් සිටි තැනින් ය.
-රිචඩ් ඉවන්ස්
(image: https://au.pinterest.com/kittycullum1/watercolor-abstract/)