Wednesday 30 August 2017

කිසිදා? - Never?

If you have never failed you have never lived.
-Anonymous
ඔබ කිසිදා පරාජය වී නැති නම්, ඔබ කිසිදා ජීවත් වී නැත.
-අඥාතයි
(image: https://www.linkedin.com/pulse/youve-never-failed-tried-anything-new-philip-savage)

Tuesday 29 August 2017

වෙන කවුද? - Who else?

If not us, who? If not now, when?
-John F. Kennedy
අප නොවේ නම් වෙන කවුද? දැන් නොවේ නම් වෙන කොයි වෙලාවේ ද?
-ජෝන් එෆ් කෙනඩි
(image: https://www.youtube.com/watch?v=Vrbbo4P8UK8)

Monday 28 August 2017

තාත්වික - Real

Everything you can imagine is real.
-Pablo Picasso
ඔබට සිතෙහි මවා ගත හැකි සැම දේ ම තාත්වික වේ!
-පැබ්ලෝ පිකාසෝ
(image: http://www.ignitedquotes.com/everything-you-can-imagine-is-real/)

Sunday 27 August 2017

පහත්? - inferior?

Remember, no one can make you feel inferior without your consent.
-Eleanor Roosevelt
ඔබේ අවසරය නොමැතිව කිසිවෙකුට ඔබ පහත් යැයි ඔබ සිත තුළ හැඟීමක් ඇති කළ නොහැකි බව මතක තබා ගන්න.
-එලනෝර් රූස්වෙල්ට්
(image: )

Tuesday 22 August 2017

ප්‍රවීණත්වය - Expertice

The expert in everything today was once a beginner.
-Anonymous
අද සැම දෙයටම ප්‍රවීණයා පෙර දිනයක ආධුනිකයෙකුව සිටියේ ය.
-අඥාතයි
(image: https://medium.com/@miriamschwab/how-to-become-a-beginner-expert-and-get-your-next-job-7e2cb14a1bcf)

Monday 21 August 2017

නැවතත් මුල සිට ම - Start over

It is never too late to start over again and be happy!
-Anurag Prakash Ray
නැවතත් මුල සිටම ප්‍රීතිමත් ජිවීතයක් ඇරඹීමට ඔබ කිසි දිනක ප්‍රමාද නැත.
-අනුරාග් ප්‍රකාශ් රේ
(image: http://shinefmafternoons.blogspot.com.au/2011/07/when-youve-told-your-friends-what-you.html)

Sunday 20 August 2017

අතීතයට යාම - Time travel

I once thought that going back in time is not practically possible. But now I know that I can, at least when it comes to publishing a post a day in this blog. This post for Sunday 20 August 2017 was written and published on Monday 21 August. The good news here is that we may be able to do other things that we today think practically impossible, tomorrow.
-Rasika Suriyaarachchi
කාලය ඔස්සේ අතීතයට යාම ප්‍රායොගිකව කළ නොහැකි දෙයක් යැයි මම කලකට පෙර සිතා සිටියෙමි. නමුත්, මේ බ්ලොගයේ දිනකට එකක් බැගින් බ්ලොග් ලිපි පළ කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා හෝ මට අතීතයට යා හැකි බව මම දැන් දනිමි. ඊයේ දිනය (අගෝස්තු 20, 2017 සඳහා වූ මේ සටහන ලියා පළ කරන්නේ අගෝස්තු 21 වෙනි දිනයි. මේ කාරණයේ ඇති වැදගත්කම නම්, ප්‍රායෝගිකව කළ නොහැකි යැයි අප අද සිතන සමහර දේ අපට හෙට කිරීමට හැකි වීමට ඉඩ තිබීමයි.
-රසික සූරියආරච්චි
(image: )

Saturday 19 August 2017

අභියෝග - Challenges

Opportunities to find deeper powers within ourselves come when life seems most challenging.
-Joseph Campbell
අප තුළ ඇති ගැඹුරු බලවේග සොයා ගැනීමට අවස්ථා ලැබෙන්නේ ජිවිතය වඩාත් අභියෝගයට ලක් වූ විට ය.
-ජෝසප් කැම්බල්
(image: http://indianexpress.com/article/cities/chandigarh/first-national-sports-camp-for-physically-challenged-begins-in-panchkula-2902550/)

Friday 18 August 2017

ඉච්ඡාව? - Pretence?

Don't pretend to be what you are not, instead, pretend what you want to be, it is not pretence, it is a journey to self realisation.
-Michael Bassey Johnson
ඔබ නොවන කෙනෙකු සේ බොරුවට පෙනී සිටින්නට එපා. එසේ නොමැතිව, ඔබ වීමට බලාපොරොත්තුවන අයෙකු සේ පෙනී සිටින්න. එය ඉච්ඡාවක් නොවේ.
-මයිකල් බැසී ජොන්සන්
(image: )

Thursday 17 August 2017

බිය, දැනුවත්කම සහ දියුණුව - Fear, awareness and progress

The purpose of fear is to raise your awareness but not to stop your progress.
-Steve Maraboli
ඔබට යම්කිසි දෙයක් පිළිබඳව බියක් ඇතිවන්නේ, ඒ ඇතිවන බිය, ඒ කාරණය සම්බන්ධයෙන් දැනුවත්කම වැඩිකර ගැනීම සඳහා යොද ගැනීමට මිසක ඔබේ දියුණුව අඩාල කර ගැනීමට නොවේ!
-ස්ටීව් මරබොලී
(image: http://isha.sadhguru.org/blog/tag/fear/)

Wednesday 16 August 2017

ආදරය සහ ද්වේෂය - Love and hate

I don't have time, energy, or interest in hating the haters; I'm too busy loving the lovers.
-Steve Maraboli
ද්වේෂකරන්නන්ට ද්වේෂ කිරීමට මට කාලය, අවශ්‍යතාව හෝ උනන්දුව නැත. ආදරය කරන්නන්ට ආදරය කරමින් මම කාර්යබහුලව සිටිමි.
-ස්ටීව් මරබොලී
(image: https://www.theodysseyonline.com/thin-line-love-hate)

Tuesday 15 August 2017

වෙනස - Change

The greatest masterpieces were once only pigments on a palette.
-Henry Hoskins
අති විශිෂ්ට චිත්‍ර නිර්මාණ සියල්ලක්ම, කලකට පෙර සිත්තරෙකුගේ සායම් ලෑල්ලක තීන්ත බින්දු පමණක් විය.
-හෙන්රි හොස්කින්ස්
(image: http://www.theartsypalette.com/)

Monday 14 August 2017

සීමිත-අසීමිත : Finite and infinite

We must accept finite disappointment, but we must never lose infinite hope.
-Martin Luther King
අප සීමිත කලකිරීම් පිළිගත යුතු නමුත් අසීමිත බලාපොරොත්තු කිසි දිනක නැති කර නොගත යුතුයි.
-මාටින් ලූතර් කිංග්
(image: https://futurism.com/is-the-universe-infinite-or-finite-2/)

Sunday 13 August 2017

බිය සහ ධෛර්යය - Courage and fear

Courage is not the absence of fear but rather the judgement that some thing else is more important than fear.
-Ambroase Redmoon
ධෛර්යය යනු බිය නොමැතිකම නොවේ, නමුත්, බියට වඩා වෙනත් යමක් වඩා වැදගත්ය යන තීන්දුවයි.
-ඇම්බ්‍රෝස් රෙඩ්මූන්
(image: http://medexec.org/fearless-versus-courageous/)

Saturday 12 August 2017

රිදුම සහ දුක් විඳීම - Pain and suffering

Pain is inevitable. Suffering is optional.
-M. Kathleen Casey
රිදුම අනිවාර්ය වේ. දුක් විඳීම අවශ්‍ය ම නොවේ.
-කැත්ලීන් කේසි
(image: https://woodrufflawyers.com/Your-Personal-Injury-Rights/Pain-and-Suffering.shtml)

Friday 11 August 2017

අනාගතේ ඔබේ අතේ - Never too late

It is never too late to be what you might have been.
-George Eliott
ඔබ කවරෙකු වීමට නියමිතව තිබුණේ වුවත්, එලෙස වෙනස් වීමට ඔබ කවර දිනෙක හෝ ප්‍රමාද නැත!
-ජෝර්ජ් එලියට්
(image: https://crashingstone.wordpress.com/2017/02/04/its-never-too-late/)

Thursday 10 August 2017

නිසැක - Certainity

There is only one corner of the universe you can be certain of improving, and that's your own self.
-Aldous Huxley
ඔබට නිසැකව ම වැඩි දියුණු කළ හැකි එක් කොනක් මේ විශ්වයේ ඇත. ඒ ඔබ ඔබම ය.
-ඇල්ඩස් හක්ස්ලි
(image: https://youinc.com/content/lifestyle/me-me-me-why-the-universe-revolves-around-alan-frew)

Wednesday 9 August 2017

ගමන් මග - Road ahead

A bend in the road is not the end of the road, unless you fail to make the turn.
-Anonymous
ඔබ ගමන් මග වෙනස් කිරීමට අපොහොසත් වුණොත් මිස, මාර්ගයේ ඇති වංගුවක් යනු ඒ මාර්ගයේ අවසානය නොවේ.
-අඥාතයි
(image: http://www.wikiwand.com/en/Hairpin_turn)

Tuesday 8 August 2017

ඔවුන් සහ ඔබ - You and them

කිසිවෙකු ඔබට අකටයුත්තක් කළ විට ඔවුන් ගැන කෝප නොවී, ඔවුන්ට සැකයේ වාසිය ලබා දී, ඔබ ඔවුන් යැයි සිතා එවැනි දෙයක් සිදුවීමට තුඩු දිය හැකි හේතු සොයා බලන්න. මෙය ලෙහෙසි කටයුත්තක් නොව ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ කළ යුතු හැකියාවක් බව මගේ අත්දැකීමයි.
-රසික සූරියආරච්චි
When someone does a bad thing to you, don't get angry with them. Give them the benefit of the doubt, put yourself in their shoes and think about possible reasons for their behaviour. It is my experience that this is not an easy task but a skill that needs to be developed gradually.
-Rasika Suriyaarachchi
(image: https://www.redbubble.com/people/cloudie5/works/6296805-put-yourself-in-their-shoes)

Monday 7 August 2017

හෙට සහ අද - Today and tomorrow

Do not ruin today with mourning tomorrow.
-Catherynne M Valente
හෙට දවස ගැන වැලපී අද දවස විනාශ කර ගන්න එපා
-කැතරින් එම් වැලෙන්ට්
(image: https://en.wikipedia.org/wiki/Catherynne_M._Valente)

Sunday 6 August 2017

හිස්බව? - Emptiness

කිසිදු භාජනයක් හිස් නැත. ඒවා අඩු වශයෙන් වාතයෙන් පිරී පවතී.
-රසික සූරියආරච්චි
No container is empty, they are at least filled with air.
-Rasika Suriyaarachchi
(image: https://www.123rf.com/photo_21284806_empty-and-full-of-plastic-containers-isolated-on-white.html)

Saturday 5 August 2017

සාර්ථකත්වය - What is success

A man is success if he gets up in the morning the gets to bed at night and in between he does what he wants to do.
-Bob Dylan
උදෑසන අවදි වී රාත්‍රියේ නින්දට යන අතරතුර තමන් කැමති දේ කරන්නට මිනිසෙකුට හැකි වේ ද, හේ සාර්ථක මිනිසෙකි.
-බොබ් ඩිලන්
(image: http://www.thinkstockphotos.com.au/image/stock-illustration-abstract-successful-man/484469367?countrycode=AUS)

Friday 4 August 2017

සාර්ථකත්වය - Building success

Failures are the pillars of success.
-Anonymous
සාර්ථකත්වය ගොඩනැගෙන්නේ අසාර්ථකත්වයේ කුළුණු මතිනි
-අඥාතයි
(image: http://daveschlueteronline.com/why-success-is-often-about-more-than-you-think-at-first/)

Thursday 3 August 2017

සාර්ථකත්වය සහ අසමත්වීම - Failure Vs Success

You learn more from failures than from success.
-Anonymous
සාර්ථකත්වය තුළින් ඔබ ඉගෙන ගන්නා දෙයට වැඩි දෙයක් ඔබට අසමත්වීම තුළින් උගත හැකි ය.
-අඥාතයි
(image: https://www.linkedin.com/pulse/pmo-success-failure-key-factors-mba-cpa-pgmp-pmp)

Wednesday 2 August 2017

ඊයේ - Yesterday

Don't let yesterday take up too much of today!
-Will Rogers
අද දිනයෙන් වැඩි කොටසක් අත්පත් කරගැනීමට ඊයේ දිනයට ඉඩ නොදෙන්න!
-විල් රොජර්ස්
(image: https://www.dreamstime.com/stock-photography-yesterday-today-tomorrow-image21229222)

Tuesday 1 August 2017

පැවතීම - To exist

To exist is to change, to change is to mature, to mature is to go on creating oneself endlessly.
-Henri Bergson
පැවතීම යනු වෙනස්වීමයි, වෙනස්වීම යනු පරිනතවීමයි, පරිනතවීම යනු අවසානයක් නොමැතිව තමන්ව නිර්මාණය කරගැනීමයි.
- හෙන්රි බර්ග්සන්
(image: https://www.videoblocks.com/video/abstract-geometric-triangle-background-in-endless-loop-peach-version-vnbls4l/)

Monday 31 July 2017

සවිඤ්ඤාණකව හුස්ම ගැනීම - Conscious breathing

Feelings come and go like clouds in a windy sky. Conscious breathing is my anchor.
-Thich Nhat Hanh
සුළං සහිත අහසක වලාකුළු මෙන් හැඟීම් ඇතිවේ, නැතිවේ. මට ආරක්‍ෂාව සලසන්නේ සවිඤ්ඤාණකව හුස්ම ගැනීමයි.
-තිච් න්හැට් හැන්හ්
(image: https://www.mindfullifeprogram.org/google-seeks-out-wisdom-of-zen-master-thich-nhat-hanh/)

Sunday 30 July 2017

සිතීම සහ කිරීම - Action

You can't cross the sea merely by standing and staring at the water.
-Rabindranath Tgore
වතුර අසල හිට ගෙන එදෙස බලා සිටීමෙන් ඔබට මුහුද තරණය කළ නොහැක.
-රබින්ද්‍රනාත් තාගෝර්
(image: https://www.rt.com/uk/366798-man-swim-atlantic-record/)

Saturday 29 July 2017

වයස සහ විනෝදවීම - Age and Enjoying

Dont stop enjoying when you get old. You get old when you stop enjoying!
-Anonymous
ඔබ වයසට ගියා යැයි කියා විනෝදවීම නවත්වන්න එපා. ඔබ විනෝදවීම නැවැත්වූ විට ඔබ වයසට යනු ඇත!
-අඥාතයි
(image: https://www.youtube.com/watch?v=5miw5kSLQM0)

Friday 28 July 2017

සම්බන්ධ - Connected

Everything is connected, no one thing can change by itself.
-Paul Hawken
සැම දෙයක් ම එකිනෙක හා සම්බන්ධ වේ. එක් දෙයකට පමණක් තනිව වෙනස් විය නොහැක.
-පෝල් හෝකන්
(image: https://au.pinterest.com/pin/125749014571017155/)

Thursday 27 July 2017

අහිමි, හිමි - Loss and gain

I see possibilities in everything. For everything that's taken away, something of greater value has been given.
-Michael J Fox
මම සෑම දෙයකින් ම කළ හැකි දෙයක් දකිමි. අපට අහිමි වූ සැම දෙයක් සඳහා ම. ඊට වඩා වටිනාකමක් ඇති යම් දෙයක් දෙයක් ආපසු ලැබී ඇත.
-මයිකල් ජේ ෆොක්ස්
(image: http://www.azquotes.com/quote/100657)

Wednesday 26 July 2017

මුදල් සහ සතුට - Money and happiness

While it is true that money cannot buy you happiness, having money and being in misery is much better than having no money and being in misery.
-Rasika Suriyaarachchi
මුදල් දී සතුට ලබා ගැනීමට ඔබට නොහැකි බව සත්‍යයක් නමුත් මුදල් ඇතිව දුකෙන් සිටීම, මුදල් නොමැතිව දුකෙන් සිටිනවාට වඩා බෙහෙවින් ම හොඳ ය!
-රසික සූරියආරච්චි
(image: https://apessay.com/order/?rid=cc49f4f3231bb03f)

Tuesday 25 July 2017

සතුට සහ සිනහව - Joy and smile

Sometimes your joy is the source of your smile, but sometimes your smile can be the source of your joy.
-Thich Nhat Hanh
සමහර විටෙක ඔබේ සිනහවේ උපත ඔබේ සතුටයි, නමුත්, සමහර විටෙක ඔබේ සතුටේ උපත ඔබේ සිනහව විය හැකි ය.
-තිච් න්හැට් හැන්හ්
(image: http://121clicks.com/articlesreviews/joy-of-smiling-photography-contest-the-winner-and-honorable-mentions)

Monday 24 July 2017

උත්සාහය - Keep on trying

Most of the important things of the world have been accomplished by people who have kept on trying when there seemed to be no hope at all.
-Dale Carnegie
ලෝකයේ බොහෝ වැදගත් දේ ලබා ගෙන ඇත්තේ කිසිදු බලාපොරොත්තුවක් නැති යැයි පෙනී යන අවස්ථාවලදීත් දිගින් දිගට ම උත්සාහ කළ මිනිසුන් විසිනි.
-ඩේල් කානගී
(image: http://www.famousauthors.org/dale-carnegie)

Sunday 23 July 2017

ඔබේ යතාර්ථය - Your reality

Other people's opinion of you does nor have to become your reality.
-Les Brown
අන් අය ඔබ ගැන දරණ අදහස ඔබේ යතාර්ථය කර ගත යුතු නැත.
-ලෙස් බ්‍රවුන්
(image: http://www.why.do/tag/others-opinion/)

Saturday 22 July 2017

තමන් සහ අනුන් - Us versus them

තමන්ගේ මට්ටමෙන් අනුන් ගැන සිතන්නට යාම නිසා අපේ අයියලා නිතරම වරද්දා ගනිති. මෙය තුන් ආකාරයකට සිදු වේ.
1. අන් අය ද තමන් මෙන් ම අවංකව වැඩ කරාවි යැයි විශ්වාස කිරීම;
2. අන් අය ද තමන් මෙන් ම පහත් ආකාරයකට වැඩ කරාවි යැයි විශ්වාස කිරීම;
3. අන් අය තමන් මෙන් අවංක නැති නිසා ඔවුන් පහත් ආකාරයකට වැඩ කරාවි යැයි විශ්වාස කිරීම.
අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි.
-රසික සූරියආරච්චි
Some of us frequently get things messed up by comparing others to us. This happens in three ways.
1. When we assume that others will act genuinely as we ourselves do;
2. When we assume that others will act badly as we ourselves do;
3. When we assume that unlike us, others are not genuine and will act badly.
Certified correct.
-Rasika Suriyaarachchi
(image: https://www.reddit.com/r/conspiracy/comments/3exevu/us_vs_them/)

Friday 21 July 2017

අකමැති සහ කැමති - Hate and like

The things we hate about ourselves aren't more real than things we like about ourselves.
-Ellen Goodman
අප අප පිළිබඳව අකමැති දේවල්, අප අප පිළිබඳව කැමති දේවලට වඩා තාත්වික නැත.
-එලන් ගුඩ්මන්
(image: https://themiccheck.wordpress.com/2012/08/31/my-lovehate-relationship-with-facebook-30in30/ )

Thursday 20 July 2017

අකර්මණ්‍යබව මාරාන්තිකයි - Inactiveness kills

Even if you are on trhe right track, you will get run over if you just sit there.
-Will Rogers
ඔබ ඉන්නේ නිවැරදි පිහිල්ලේ වුව ද, එහි ඔහේ ඉඳගෙන සිටියහොත් (දුම්රිය) ඔබ යටකර ගෙන යනු ඇත.
-විල් රොජර්ස්
(image: https://au.pinterest.com/pin/313703930266370951/)

Wednesday 19 July 2017

ඔබට කළ නොහැකි දේ? - Doing impossible

Start by doing what's necessary; then do what's possible; and suddenly you are doing the impossible.
-St. Francis and Assisi
අත්‍යාවශ්‍ය දේ කරමින් වැඩ අරඹන්න; ඉන්පසු කළ හැකි දේ කරන්න; එවිට එක් වරම ඔබ කළ නොහැකි දේ කරමින් සිටිනු ඇත.
-ඇසිසියේ ශාන්ත ෆ්‍රැන්සිස්
(image: )

Tuesday 18 July 2017

සදාකාලික යතාර්ථය - Permanent reality

No feeling is your permanent reality, no matter how intense it is.
-Anonymous
කොතරම් දැඩිව දැනුණේ වුව ද, ඔබට ඇතිවෙන කිසිදු හැඟීමක් සදාකාලික යතාර්ථය නොවේ.
-අඥාතයි
(image: https://www.theguardian.com/environment/2015/nov/09/earths-climate-entering-new-permanent-reality-as-co2-hits-new-high)

Monday 17 July 2017

ජීවිතය - Life

Life is 10% what happens to you and 90% how you react to it.
-Charles R. Swindoll
ජීවිතය යනු 10% ක් ඔබට සිදුවෙන දේ සහ 90% ක් ඔබ එයට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් සමන්විත වේ.
-චාර්ල්ස් ස්වින්ඩෝල්

Sunday 16 July 2017

ඛේදවාචකය සහ දිනුම් කණුව - Tragedy and goals

The tragedy of life doesn't lie in not reaching your goal. The tragedy lies in having no goal to reach.
-Benjamin Mays
ජීවිතයේ ඛේදවාචකය ඔබ දිනුම් කණුව කරා ළඟා නොවීම මත රඳා පවතින්නක් නොවේ. ඛේදවාචකය රඳාපවතින්නේ ළඟා වීමට දිනුම් කණුවක් නොමැති වීම මත ය.
-බෙන්ජමින් මේස්
(image: http://brandonfarr.com/ultimate-goal/)

Saturday 15 July 2017

මත සහ දෘෂ්ඨි - Opinions and perspective

Everything we hear is an opinion, not a fact. Everything we see is a perspective, not the truth.
-Marcus Aurelius
අපට ඇසෙන හැම දෙයක් ම පවසන අයගේ මත පමණි, පරම සත්‍යය නොවේ. අපට පෙනෙන සැම දෙයක්ම දෘෂ්ඨියක් පමණි, සෑබෑව නොවේ!
-මාකස් අවුරේලියස්
(image: https://au.pinterest.com/mickypratt/conflict-criticism-vs-opinion/)

Friday 14 July 2017

කළ නොහැක? - Impossible?

It always seems impossible until it's done.
-Nelson Mandela
නිමා කර අවසන් වෙන තුරු සැමවිට ම එය කළ නොහැකි සේ පෙනී යනු ඇත.
-නෙල්සන් මැන්ඩෙලා
(image: http://www.thedreamcentre.co.uk/unlocking-impossible/)

Thursday 13 July 2017

ආරම්භය සහ අවසානය - Beginning and ending

No body can go back and start a new beginning but everyone can start today and makes new ending.
-Maria Robinson
කිසිවෙකුට ආපසු ගොස් අලුතෙන් ඇරඹුමක් ගත නොහැකි නමුත් ඕනෑම අයෙකුට අද සිට අරඹා අලුත් අවසානයක් ගොඩ නගා ගත හැක.
-මාරියා රොබින්සන්
(image: http://changefear.com/day-30-the-end-is-the-beginning/)

Wednesday 12 July 2017

පරාජය බාර ගන්න එපා - Never give in

Never give in, never, never, nver, never, in nothing great or small, large or petty, never give in.
-Winston Churchill,
කිසි ම විටෙක, පරාජය බාර ගන්න එපා, කිසි ම විටෙක, ලොකු, පොඩි. වැදගත්, නොවැදගත් කිසි ම දෙයක් පිළිබඳව, කිසිම තැනක දී පරාජය බාර ගන්න එපා!
-වින්ස්ටන් චර්චිල්
(image: https://boldomatic.com/view/post/Hnq5ag)

Tuesday 11 July 2017

නැවතීමේ සංඥා? - Stop signs

Problems are not stop signs, they are guidelines.
-Robert Schuller
ගැටළු යනු නැවතීමේ සංඥා නොවේ, ඒවා නිර්දේශ වේ.
-රොබර්ට් ෂූලර්
(image: https://www.creativesafetysupply.com/virtual-stop-signs/)

Monday 10 July 2017

අවසානය ද, ආරම්භය ද? - The end or the beginning

The world is round and the place which may seems like the end may also be only the beginning.
-Ivy Baker Priest
ලෝකය රවුම් වේ. එනිසා, අවසානය යැයි සිතෙන ස්ථානය ආරම්භය පමණක් වීමට ද ඉඩ ඇත.
-අයිවි බේකර් ප්‍රීස්ට්
(image: http://apoliticalviews.org/the-end-is-beginning/)

Sunday 9 July 2017

යසස - Glory

The greater the difficulty, the more glory in surmounting it. Skillful pilots gain their reputation from storms and tempests.
-Epictetus
අසීරුකම විශාලවත් ම, එය මැඩලීමෙන් ලැබෙන යසස ද වැඩිවේ. කුසලතාපූර්ණ නියමුවන් තම කීර්තිය ලබා ගන්නේ කුණාටු සහ චණ්ඩමාරුත මගිනි.
-එපික්ටෙටස්
(image: http://www.returnofkings.com/60570/an-introduction-to-stoicism-with-the-enchiridion-by-epictetus)

Saturday 8 July 2017

ආකල්ප වෙනස් කිරීම - Changing the attitudes

If you want to change attitudes, start with a change in behaviour.
-William Glasser
ඔබට ආකල්ප වෙනස් කිරීමට අවශ්‍ය නම්, හැසිරීම වෙනස් කරමින් එය අරඹන්න.
-විලියම් ග්ලේසර්
(image: http://www.123rf.com/photo_46726143_karma-as-a-spiritual-concept-abstract-art.html)