
If you have never failed you have never lived. -Anonymous |
ඔබ කිසිදා පරාජය වී නැති නම්, ඔබ කිසිදා ජීවත් වී නැත. -අඥාතයි |
I once thought that going back in time is not practically possible. But now I know that I can, at least when it comes to publishing a post a day in this blog. This post for Sunday 20 August 2017 was written and published on Monday 21 August. The good news here is that we may be able to do other things that we today think practically impossible, tomorrow. -Rasika Suriyaarachchi |
කාලය ඔස්සේ අතීතයට යාම ප්‍රායොගිකව කළ නොහැකි දෙයක් යැයි මම කලකට පෙර සිතා සිටියෙමි. නමුත්, මේ බ්ලොගයේ දිනකට එකක් බැගින් බ්ලොග් ලිපි පළ කිරීමේ අවශ්‍යතාව සපුරා ගැනීම සඳහා හෝ මට අතීතයට යා හැකි බව මම දැන් දනිමි. ඊයේ දිනය (අගෝස්තු 20, 2017 සඳහා වූ මේ සටහන ලියා පළ කරන්නේ අගෝස්තු 21 වෙනි දිනයි. මේ කාරණයේ ඇති වැදගත්කම නම්, ප්‍රායෝගිකව කළ නොහැකි යැයි අප අද සිතන සමහර දේ අපට හෙට කිරීමට හැකි වීමට ඉඩ තිබීමයි.
-රසික සූරියආරච්චි |
Opportunities to find deeper powers within ourselves come when life seems most challenging. -Joseph Campbell |
අප තුළ ඇති ගැඹුරු බලවේග සොයා ගැනීමට අවස්ථා ලැබෙන්නේ ජිවිතය වඩාත් අභියෝගයට ලක් වූ විට ය. -ජෝසප් කැම්බල් |
Don't pretend to be what you are not, instead, pretend what you want to be, it is not pretence, it is a journey to self realisation. -Michael Bassey Johnson |
ඔබ නොවන කෙනෙකු සේ බොරුවට පෙනී සිටින්නට එපා. එසේ නොමැතිව, ඔබ වීමට බලාපොරොත්තුවන අයෙකු සේ පෙනී සිටින්න. එය ඉච්ඡාවක් නොවේ. -මයිකල් බැසී ජොන්සන් |
The purpose of fear is to raise your awareness but not to stop your progress. -Steve Maraboli |
ඔබට යම්කිසි දෙයක් පිළිබඳව බියක් ඇතිවන්නේ, ඒ ඇතිවන බිය, ඒ කාරණය සම්බන්ධයෙන් දැනුවත්කම වැඩිකර ගැනීම සඳහා යොද ගැනීමට මිසක ඔබේ දියුණුව අඩාල කර ගැනීමට නොවේ! -ස්ටීව් මරබොලී |
කිසිවෙකු ඔබට අකටයුත්තක් කළ විට ඔවුන් ගැන කෝප නොවී, ඔවුන්ට සැකයේ වාසිය ලබා දී, ඔබ ඔවුන් යැයි සිතා එවැනි දෙයක් සිදුවීමට තුඩු දිය හැකි හේතු සොයා බලන්න. මෙය ලෙහෙසි කටයුත්තක් නොව ක්‍රමක්‍රමයෙන් ප්‍රගුණ කළ යුතු හැකියාවක් බව මගේ අත්දැකීමයි. -රසික සූරියආරච්චි |
When someone does a bad thing to you, don't get angry with them. Give them the benefit of the doubt, put yourself in their shoes and think about possible reasons for their behaviour. It is my experience that this is not an easy task but a skill that needs to be developed gradually. -Rasika Suriyaarachchi |
A man is success if he gets up in the morning the gets to bed at night and in between he does what he wants to do. -Bob Dylan |
උදෑසන අවදි වී රාත්‍රියේ නින්දට යන අතරතුර තමන් කැමති දේ කරන්නට මිනිසෙකුට හැකි වේ ද, හේ සාර්ථක මිනිසෙකි. -බොබ් ඩිලන් |
To exist is to change, to change is to mature, to mature is to go on creating oneself endlessly. -Henri Bergson |
පැවතීම යනු වෙනස්වීමයි, වෙනස්වීම යනු පරිනතවීමයි, පරිනතවීම යනු අවසානයක් නොමැතිව තමන්ව නිර්මාණය කරගැනීමයි. - හෙන්රි බර්ග්සන් |
Feelings come and go like clouds in a windy sky. Conscious breathing is my anchor. -Thich Nhat Hanh |
සුළං සහිත අහසක වලාකුළු මෙන් හැඟීම් ඇතිවේ, නැතිවේ. මට ආරක්‍ෂාව සලසන්නේ සවිඤ්ඤාණකව හුස්ම ගැනීමයි. -තිච් න්හැට් හැන්හ් |
I see possibilities in everything. For everything that's taken away, something of greater value has been given. -Michael J Fox |
මම සෑම දෙයකින් ම කළ හැකි දෙයක් දකිමි. අපට අහිමි වූ සැම දෙයක් සඳහා ම. ඊට වඩා වටිනාකමක් ඇති යම් දෙයක් දෙයක් ආපසු ලැබී ඇත. -මයිකල් ජේ ෆොක්ස් |
While it is true that money cannot buy you happiness, having money and being in misery is much better than having no money and being in misery. -Rasika Suriyaarachchi |
මුදල් දී සතුට ලබා ගැනීමට ඔබට නොහැකි බව සත්‍යයක් නමුත් මුදල් ඇතිව දුකෙන් සිටීම, මුදල් නොමැතිව දුකෙන් සිටිනවාට වඩා බෙහෙවින් ම හොඳ ය! -රසික සූරියආරච්චි |
Sometimes your joy is the source of your smile, but sometimes your smile can be the source of your joy. -Thich Nhat Hanh |
සමහර විටෙක ඔබේ සිනහවේ උපත ඔබේ සතුටයි, නමුත්, සමහර විටෙක ඔබේ සතුටේ උපත ඔබේ සිනහව විය හැකි ය.
-තිච් න්හැට් හැන්හ් |
Most of the important things of the world have been accomplished by people who have kept on trying when there seemed to be no hope at all. -Dale Carnegie |
ලෝකයේ බොහෝ වැදගත් දේ ලබා ගෙන ඇත්තේ කිසිදු බලාපොරොත්තුවක් නැති යැයි පෙනී යන අවස්ථාවලදීත් දිගින් දිගට ම උත්සාහ කළ මිනිසුන් විසිනි.
-ඩේල් කානගී |
තමන්ගේ මට්ටමෙන් අනුන් ගැන සිතන්නට යාම නිසා අපේ අයියලා නිතරම වරද්දා ගනිති. මෙය තුන් ආකාරයකට සිදු වේ. 1. අන් අය ද තමන් මෙන් ම අවංකව වැඩ කරාවි යැයි විශ්වාස කිරීම; 2. අන් අය ද තමන් මෙන් ම පහත් ආකාරයකට වැඩ කරාවි යැයි විශ්වාස කිරීම; 3. අන් අය තමන් මෙන් අවංක නැති නිසා ඔවුන් පහත් ආකාරයකට වැඩ කරාවි යැයි විශ්වාස කිරීම. අත්දුටුවයි, ප්‍රත්‍යක්‍ෂයි. -රසික සූරියආරච්චි |
Some of us frequently get things messed up by comparing others to us. This happens in three ways. 1. When we assume that others will act genuinely as we ourselves do; 2. When we assume that others will act badly as we ourselves do; 3. When we assume that unlike us, others are not genuine and will act badly. Certified correct. -Rasika Suriyaarachchi |
The tragedy of life doesn't lie in not reaching your goal. The tragedy lies in having no goal to reach. -Benjamin Mays |
ජීවිතයේ ඛේදවාචකය ඔබ දිනුම් කණුව කරා ළඟා නොවීම මත රඳා පවතින්නක් නොවේ. ඛේදවාචකය රඳාපවතින්නේ ළඟා වීමට දිනුම් කණුවක් නොමැති වීම මත ය. -බෙන්ජමින් මේස් |
Everything we hear is an opinion, not a fact. Everything we see is a perspective, not the truth. -Marcus Aurelius |
අපට ඇසෙන හැම දෙයක් ම පවසන අයගේ මත පමණි, පරම සත්‍යය නොවේ. අපට පෙනෙන සැම දෙයක්ම දෘෂ්ඨියක් පමණි, සෑබෑව නොවේ! -මාකස් අවුරේලියස් |
Never give in, never, never, nver, never, in nothing great or small, large or petty, never give in. -Winston Churchill, |
කිසි ම විටෙක, පරාජය බාර ගන්න එපා, කිසි ම විටෙක, ලොකු, පොඩි. වැදගත්, නොවැදගත් කිසි ම දෙයක් පිළිබඳව, කිසිම තැනක දී පරාජය බාර ගන්න එපා! -වින්ස්ටන් චර්චිල් |
The greater the difficulty, the more glory in surmounting it. Skillful pilots gain their reputation from storms and tempests. -Epictetus |
අසීරුකම විශාලවත් ම, එය මැඩලීමෙන් ලැබෙන යසස ද වැඩිවේ. කුසලතාපූර්ණ නියමුවන් තම කීර්තිය ලබා ගන්නේ කුණාටු සහ චණ්ඩමාරුත මගිනි. -එපික්ටෙටස් |